LakAdz.com

Featured Ads

lakadz.com

In 2014 Lak Ads Limited was officially established. its Luoverriding focus has been on enabling the best ways for a business to use the internet to generate more business-both in the form of new customers and in getting existing customers to spend more, come back more often, over as long a period of time as possible.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධය අමාත්‍යතුමාගේ සුභ පැතුම්...

සෑම නව වසර උදාවකදීම පෞද්ගලිකව මෙන්ම සාමාජීය වශයෙන් නව බලාපොරොත්තු ඇතිකර ගැනීම ස්භාවයයි. එඹැවින් වසරක් එළබෙන අද දිනය සැම සිත්හි නවමු හැගීම් ජනිත වන ප්‍රබෝධමත් දිනයකි.

ගෙවී ගිය වසර තුළ සිදු වු අඩුපාඩු, අතපසුවීම් නිවැරදි කර ජීවිතය සාර්ථක කරගැනීමට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නව වසර ආරම්භ කරමු.

අලුත් බලාපොරොත්තු, අපේක්ෂා මානව ජීවිත සක්‍රීය කරන බැවින් නව වසර ඒ අපේක්ෂා, බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට ඉඩ හසර නිර්මාණය කර දෙයි.

රටක් ජාතියක් වශයෙන් ඉදිරි අනාගතය ජය ගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ අරමුණයි. පසුගිය වසරක කාලය තුළ නව රජය සාමකාමී නිදහස් ස්ථාවර රාජයකට අවැසි පසුබිම ගොඩනගා ඇත. ජනතාවගේ බලාපොරොත්තු නිවැරදිව ඉටු කිරීම රජගේ බලාපොරොත්තුවයි

‍ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ අන් කවරදාවක් නොවු වෙනසකට මුල පිරූ 2015 වසරේ ජයග්‍රහණ සිහිපත් කරමින් අදින් ආරම්භ වන නව වසර යහ පාලනය ස්ථාවර වූ නිදහස් සමෘද්ධිමත් දේශයකට මග විවර වනු ඇත.

එවන් අවස්ථාවක සිය තෙවන වසරට පිය නගන මේ අභිමාවත් මොහොතේ නව්‍ය දැනුම්කරණයේ නිම්වළලු පුළුල් කරමින් “ලක් ඇඩ්ස ් ” ආයතනය ජනතාවට වඩාත් සමීප නම්‍යශිලී සේවාවක් සලසමින් තව තවත් ඉදිරියට යාමට ශක්තිය හා ධෛර්යය සමග 2016 වසර සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි

ගයන්ත කරුණාතිලක මැතිතුමා. පාර්ලිගම්න්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධය අමාත්‍ය,
ආණ්ඩු පක්ෂගේ ප්‍රධාන සංවිධායක,
පාර්ලිගම්න්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධය අමාත්‍යාංශය,
2016 ජනවාරි මස 22 වෙනිදා.

රජගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ සුභ පැතුම්.

දැන්වීම්කරණයේ එක් අතකින් කලාවකි. අනෙක් අතින් සේවයකි. සමාජ මෙහෙවරක් ලෙස දැන්වීම්කරණය භාවිත කළ හැකි අවස්ථාද වර්තමාන සමාජගේ බහුලව දැකිය හැකිය.

නිර්මාණශීලීව හා අර්ථවත් ලෙස දැන්වීමක් සැකසීමට හැකියාව ලැබෙන්නේ කුසලතාව හා පළපුරුද්දත්, සමාජාවබෝධයත් මගිනි. එබඳූ මෙහෙවරක් කිරීමට "ලක් ඇඩ්ස ්” ආයතනයට හැකියාව හා ශක්තියත් වාසනා ගුණයත් ලැබේවායි ඉත සිතින් ආශිංශනය කරමි.

ආචාර්ය දර්ශනී ගුණතිලක
රජගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
රජගේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධය අමාත්‍යාංශය
2016 ජනවාරි මස 22 වෙනිදා.

ගරු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමතිතුමාගේ පණිවිඩය.

තොරතුරු තාක්‍ෂණයේ දියුණුවත් සමග බිහිවූ සමාජ මාධ්‍ය පොදුජන ආකර්ෂණය දිනා ඇත. මෙම මාධ්‍ය මෙහෙයවන, නිර්මාණය කරන මාධ්‍යකරුවන් තම ග්‍රාහකයා දැනුවත් කිරීම මෙන් ම සමාජ පුද්ගල ගෞරවයට හානි නොකිරීමත් දේශීය සංස්කෘතික හර පද්ධතිය ආරක්‍ෂා කිරීමටත් වග බලාගත යුතු අතර, ප්‍රේක්ෂකයාගේ පැහැදීම හා විශ්වාසය මත තම මාධ්‍ය පවතින බවද අමතක නොකළ යුතුය.

මුදල් ඉපයීම හෝ වෙනත් අරමුණු පදනම් කරගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා විනාශ කරන ඕනෑම මාධ්‍යයක් සිදුකරන්නේ රටට විපතකි. තාක්‍ෂණ බලය අනිසි ලෙස යොදා ගැනීමකි. දැන්වීම් කලාව ප්‍රගුණ කළ යුතු විෂයකි. මෙම විසල් කලාව මිනිසාගේ ප්‍රයෝජනයට යොදවමින් සමාජ සාරධර්ම ආරක්‍ෂා කරමින් පවතින නීති රීති යටතේ කටයුතු කරන්නේ නම් අද ආරම්භ වන ලක් ඇඩ්ස් වෙබ් අඩවියට ජනතාවට උසස් සේවාවක් ලබාදිය හැකිවනු ඇත.

ලක් ඇඩ්ස් ආරම්භයට මගේ සුභ පැතුම්.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ගරු අමාත්‍ය,
ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය
2013 නොවැම්බර් 01 වෙනිදා

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ පණිවිඩය..

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ වර්ධනයත් සමග වර්තමානයේ නව මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය ඉදිරියට පැමිණ තිබේ. බැංකු සේවා, වෙළඳ ගනුදෙනු, භාණ්ඩ හා සේවා අවශ්‍යතා, අධ්‍යාපන, ප්‍රචාරණය හා විනෝදාශ්වාදය ආදී සෑම අංශයකම වර්ධනය උදෙසා අන්තර්ජාලය යොදා ගැනේ. ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ ද සැළකිය යුතු මට්ටමකට අන්තර්ජාල තාක්‍ෂණය පැමිණ ඇත.

මෙවන් අවස්ථාවක සාම්ප්‍රදායික දැන්වීම්කරණයට නව්‍ය අත්දැකීමක් එක්කරන්නටත්, දැන්වීම් ප්‍රචාරණ සේවා අන්තර්ජාලය ඔස්සේ විශ්ව ප්‍රජාවට ගෙන යන්නට “ලක් ඇඩ්ස් ” ආයතනය ගන්නා උත්සාහයට මාගේ සුබ පැතුම් එක්කරමි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්
මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය
2013.නොවැම්බර් 01 දින